කෘෂි රසායන කිහිපයක් ආනයනයට අවසර

මැයි මස 06 වන දින සිට කෘෂි රසායන නිෂ්පාදන කිහිපයක් පමණක් ආනයනය කිරීමට රජය අවසර දී ඇත. ආනයන අපනයන නීතීවලට අනුව එම කෘෂි රසායනික නිෂ්පාදනය කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේකයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය. ගොවීන්ට ඇති වී තිබෙන ගැටළු සලකා බලමින් කෘෂි රසායනික නිෂ්පාදන කිහිපයක තහනම ඉවත් කිරීමටයි රජය තීරණය කර ඇති බව පැවැසූ ඇමැතිවරයා අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී ගැසට් කිරීමට නියමිත බව කියා සිටියේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය,

“මේ කන්නයේ වී සහ අනෙකුත් භෝගවලට අවශ්‍ය රසායනික පොහොර මේට්‍රික් ටොන් තුන්ලක්ෂ අසූ පන්දහසක්, ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සමාගම් දෙකක් විසින් ආනයනය කරලා තිබෙනවා කියලා පොහොර පිළිබඳ රාජ්‍ය ඇමැති මොහාන්ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළා. ඒ සමාගම් මේ වන කොට දිනකට මේට්‍රික් ටොන් 250 බැගින් වෙළෙඳ පොළට නිකුත් කරමින් ඉන්නවා. නමුත් රසායනික පොහොර තහනම් කළා යැයි කියන පණිවුඩය දැනගත් විගස එම සමාගම් ඉදිරියේ දී හිඟයක් ඇති වේවි ඒ නිසා ඉදිරියේ දී වැඩි මිලකට විකුණා ගැනීම සඳහා වැඩි වැඩියෙන් රසායනික පොහොර මිලදී ගැනීමත් සමඟ වෙළෙඳ පොළේ යම් හිඟතාවක් ඇති වෙලා තියෙනවා. එම නිසා අමාත්‍යාංශය විසින් මේ වන විට ඒ සඳහා වෙළෙඳ පොළ යාන්ත්‍රණය සකස් කරන්න කටයුතු කරමින් ඉන්නවා.”

Related posts

Leave a Comment