මඩේ හිටවපු ඉන්නක් වගේ වැනි වැනී ඉන්න එපා – කාන්තා එකමුතුවක් ජනපතිට කියයි

මඩේ හිටවපු ඉන්නක් වගේ වැනි වැනී ඉන්නේ නැතුව මෙරටට පැමිණීමට නොහැකිව දහදුක් විඳින විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වාගැනීමට වහාම කටයුතු කරන ලෙසත් ඒ වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඇත්ත වැඩපිළිවෙල කුමක්ද කියා රටට හෙළි කරන ලෙසත් ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී පවසීය.

එහිදී අදහස් දැක්වූ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ සරෝජා පෝල්රාජ් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වනවිට විදෙස්ගතව සිටියදී කොවිඩ් ආසාදිතව මියයන අය වෙනුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ 06ක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවත් අඩුම වශයෙන් රුපියල් ලක්ෂ 10ක්වත් ලබාදිය යුතු බවත්ය.

Related posts

Leave a Comment