රණවිරුවන්ගේ කිමිදුම් උලෙළට D’Las International වෙතින් පූර්ණ අනුග්‍රහය

ජීවිතයේ කළ නොහැක්කක් නොමැත යන්න තේමා පාඨය කර ගනිමින් රට සුරැකි රණක්ෂිතයට පත් රණවිරුවන් දොළොස් දෙනකු ආසියාවේ ප්‍රථම වරට හික්කඩුව මුහුදු තීරයේ කිමිදීමට රැගෙන යෑමේ සුවිශේෂ අවස්ථාවක් පසුගියදා හික්කඩුව මුහුදු තීරයේදී පැවැත්විණි. එය මෙහෙය වූයේ White Water Rafting පිළිබඳ අන්තර්ජාතික සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත, Outbound Adventures ආයතනයේ ප්‍රාරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වන ශෙහාන් පිලපිටිය මහතාය. මේ අභිමානවත් අවස්ථාවට පූර්ණ අනුග්‍රහය දැක්වූයේ දශක හතරක කාලයක් පුරා ජාතික සහ අන්තර්ජාතික වෙළෙඳපොළට ස්වභාවික හා කාබනික අමුද්‍රව්‍ය සැපයීමේ ප්‍රමුඛයකු වන HDDES සමූහයට අයත් D’Las International සමාගමයි. එම අවස්ථාවට HDDES සමූහයේ සභාපති එච්. ධර්මසිරි ද සිල්වා මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ ගෙහාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ. එසේම වැඩසටහනේ තවත් පියවරක් ලෙස රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා පැවැත්වූ පිහිනුම් කඳවුරටද D’Las International සමාගම අනුග්‍රහය දැක්වීය. සිය ආයතනික සමාජ මෙහෙවර මනාව අවබෝධ කර ගත් D’Las International සමාගම සමාජ සේවා සහ සමාජ සුබසාධන වැඩසටහන් සඳහා සිය පූර්ණ දායකත්වය සපයයි.

“රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ පළමු වතාවට පැවැත්වූ මේ වැඩසටහනට D’Las International සමාගමට දායකත්වය දක්වන්න ලැබීම භාග්‍යයක් වශයෙන් අප සලකනවා.” HDDES සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ගෙහාන් ද සිල්වා මහතා පැවසීය. “අපේ හමුදාවට කළ නොහැක්කක් නොමැති බව තහවුරු කිරීම තමයි මගේ උත්සාහය වුණේ. පෙර සූදානමක් නොමැතිව සියල්ල පැයකින් උගන්වා කිමිදීමේ වැඩසටහන සාර්ථකව පැවැත්වූවා. මේ සඳහා අපට සහයෝගය දැක්වූ යුද හමුදාපති ඇතුළු සියලු නිලධාරීන්ට ස්තූතිය පිරිනමනවා.”

Outbound Adventures ප්‍රධාන විධායක නිලධාරි ශෙහාන් පිලපිටිය මහතා පැවසීය. D’Las International සමාගම D’Las සන්නාමය යටතේ fine fragrances, aromatic soaps, aromatic shampoos, body lotions, conditioners, shower gels, aromatic diffusers සහ AURA හඳුන්කූරු ආදි නිෂ්පාදන රැසක් අන්තර්ජාතික සහ දේශීය වෙළෙඳපොළට නිකුත් කරයි. D’Las නිෂ්පාදන USDA – NOP, EEC, JAS, FSSC:22000, ISO: 22000, ISO: 14000, KOSHER, HALAL, FAIRTRADE , SMETA, FDA, COSMOS තත්ත්ව සහතිකද ලබා තිබේ.

Related posts

Leave a Comment