දවසේ ලග්න පලාපල

  • මේෂ ලග්නය – දේපළ ලැබීමක්

මේෂ ලග්නය අනුව අද ඔබට දේපළ සම්බන්ධ ලැබීම් ඇත. පියාගෙන් දුරස්වීමට හේතු මතු කෙරේ. සිත් තැවුල් මතු කෙරෙන අතර, ආර්ථික අපහසුතා මතු කෙරෙනු ඇත. රැකියා ස්ථානගත ගැටලු මතුවේ. තමා මීට පෙර කරගෙන ආ ව්‍යාපාරයක් පාඩුවන තත්ත්වයට පත්වේ. ශරීර සෞඛ්‍ය අතින් ද හිසට අගුණ පළ කෙරේ. සුපරීක්ෂාකාරී වන්න.

  • වෘෂභ ලග්නය – ව්‍යාපාරික මට්ටමේ කාර්ය බහුල බවක්

වෘෂභ ලග්නයට අනුව අද ඔබට යුග දිවියේ ගැටලු මතු කෙරේ. තම හදිසි කෝපය නිසා මතභේද ඇතිවේ. රැකියාවේ, ව්‍යාපාරයේ කාර්ය බහුල බව නිසාම එසේ වීමට හේතු වේ. තමා ළඟ සිටින අයගෙන් ප්‍රවේසම් වන්න. තම ධනයකට වංචාකාරී අයගෙන් උවදුරු පැමිණේ. ඉගෙන ගන්නා අයකු නම් කම්මැලිකම හා එපාවීම පෙන්වනු ඇත. ආගමික කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් ඇතිකර ගතහොත් අපහසුතා මඟහරවා ගත හැක.

  • මිථුන ලග්නය – පිටරට සබඳතා

මිථුන ලග්නයට අනුව අද ඔබට පිටරටකට යාමට තිබූ බලාපොරොත්තුව සඵල වන්නකි. තම අවශ්‍යතා අනුව ගෘහ භාණ්ඩ හෝ රැකියා – ව්‍යාපාරික ස්ථානයට කාර්යාලීය උපකරණ ගෙනඒමට උනන්දු වේ. ඒ වෙනුවෙන් මුදල් වැයවීමක් පෙන්වයි. නමුත් කාර්යාලීය කටයුතු ‍පහසුවීමෙන් සිතට වෙනදාට වඩා සහනය ලැබේ. යටි බඩ ආශ්‍රිත ආසාදන පවතී. සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න. උපරිම වතුර පානය සිදු කරන්න.

  • කටක ලග්නය – නිර්මාණාත්මක බව හා ක්‍රියාශීලී බවක්

කටක ලග්නයට අනුව අද ඔබට ලැබීම් අතින් සුබයි. ආයෝජන තත්ත්ව හා ඒ වෙනුවෙන් දුර බැහැරකට යාමක් ද සිදුවේ. තම ඥාති පිරිස් විසින් තමාට ලබාදෙන පහසුකම් නිසා එදිනෙදා කටයුතු පහසු වේ. නිර්මාණාත්මක බව හා ක්‍රියාශීලී බව නිසා ප්‍රතිලාභ ලැබේ. ජලය ආශ්‍රිත ලාභ ලැබේ. ඒ නිසා උනන්දු වන්න. බීම වර්ග හා විවිධ ආහාරපාන පිළිබඳ ව්‍යාපාර කරන අයට ආදායම් සරුවේ. කුස ආශ්‍රිත රෝග ඇතිවේ. සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න.

  • සිංහ ලග්නය – ලැබීම් අතින් යහපත් වේ

සිංහ ලග්නය හිමි ඔබට අද දින ලැබීම් අතින් සුබයි. එහෙත් වියදම් තත්ත්වය ඉහළ යයි. තම වෘත්තීමය ස්ථානගත සතුරු කරදර ඇති කෙරේ. තමා විසින් තම සේවා ස්ථානයකට බඳවා ගන්නා අයගෙන් විශ්වාසය බිඳ වැටෙන තත්ත්වයක් උදාවේ. එහෙත් නීතිමය තීන්දු තීරණ තුළින් ඔබට සාධාරණය ඉටුකරවා ගැනීමට හැකිවේ. දණහිසට අපලයි. පපුවේ වියළි ගති මතු කරයි. උෂ්ණ ආහාර අවම කරන්න.

  • කන්‍යා ලග්නය – සමාජශීලී කටයුතුවලින් යහපත

කන්‍යා ලග්නයට අනුව අද ඔබට තම බුද්ධිගෝචර බව නිසා උසස් තත්ත්වය මතු කෙරේ. රැකියාවේ ප්‍රතිලාභ උසස්වීම් හා කලක් බලාපොරොත්තුව සිටි ස්ථාන මාරුවක් හිමිවනු ඇත. ආර්ථික වශයෙන් ද සුබයි. දේපළ හිමිකම් ලැබේ. තමාගේ පුණ්‍යවන්ත බව මතු කෙරෙනු ඇත. සමාජශීලී කටයුතු කෙරෙන් කැපී පෙනෙන තත්ත්වයක් උදාවේ. තම වාහනයක් ලීසිං ආවරණයෙන් නිදහස් කරගැනීමට අවස්ථාව උදාවේ. තම සිතට සතුටුදායක දිනකි.

  • තුලා ලග්නය – වන්දි මුදල් හිමිකමක්

තුලා ලග්නයට අනුව ඉතා වාසනාවන්ත දිනකි. ආගමික කටයුතුවලට තැන දෙමින් හා දානමය පිංකමක් නිසා කාර්යබහුල වෙමින් ගතවන දිනකි. මවගේ කිසියම් සැමරුමක් නිසා සිතේ සතුට උදාවේ. නීති ගැටලුවලින් නිදහස් වේ. චෝදනාවකට ලක්වූ කරුණක් නිශ්ප්‍රභ වේ. කිසියම් වන්දි මුදලක් ද හිමිවේ. තුනටියට අගුණයි. වියදම් පැත්ත ද ඉහළ යන නිසා කල්පනාකාරී වන්න. ආදායමට අනුව වියදම සමබර කරගන්න.

  • වෘශ්චික ලග්නය – අත්වැරදීම් නිසා පාඩු

වෘශ්චික ලග්නයට අනුව අද දිනට සිතේ කනස්සල්ල මතු කෙරේ. අධික කාර්ය බහුලතාව නිසා නොසන්සුන්තා මතු කෙරේ. ඒ නිසාම අත්වැරදීම් මතුවිය හැක. ඔබට පිටස්තර අයගෙන් ලැබෙන සහයෝගය ඉතා උසස් වේ. පිය පාර්ශ්වයෙන් ලැබීම් සහිතයි. දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සිතට සතුට දනවනු ඇත. ඒ වෙනුවෙන් දුරබැහැර ගමනක් ද යෙදේ. සතුට, සමාදානය වෙනුවෙන් දවසේ වැඩි කාලයක් කැපවේ.

  • ධනු ලග්නය – සිතට සතුට දැනෙන දිනකි

ධනු ලග්නයට අනුව අද ඔබට ඉතා සුබයි. විවාහ ආදී කටයුතු නිසා කාර්යබහුල වේ. සිතට සතුට දැනවෙන කරුණු යෙදේ. පිටරට සිටින අයකුගේ පැමිණීම නිසා ආර්ථික වාසි සැලසේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. තම ලේ ඥාතියකුට සිදුවන හදිසි අනතුරක් නිසා ඒ වෙනුවෙන් කැපවීමට ඔබට සිදුවේ. විවාද තරග, කථික තරග ආදියෙන් ඔබට ජය හිමි වේ. මුත්‍රා දෝෂ, යටි බඩේ දෝෂ මතු කෙරේ.

  • මකර ලග්නය – මූල්‍ය කටයුත්තක් වෙනුවෙන් කැප වේ

මකර ලග්නයට අනුව අද ඔබට මූල්‍ය කටයුත්තක් වෙනුවෙන් කැපවීමට සිදුවේ. බැංකු කටයුතු බහුල කෙරේ. නිවැරැදි දේ වුව ද සිදුවන චෝදනාවකට මුහුණදීමට සිදුවේ. තම රාජකාරිය දේවකාරිය ලෙස සලකා කටයුතු කෙරෙන දිනකි. ව්‍යාපාරයකට අත ගසයි. ඒ සඳහා සහයෝගයට බොහෝ සමීපතමයින් පිරිසක් එකට එක්වෙනු ඇත. යටි බඩට අපලයි. වියළි ගති මතු කරයි. උපරිම වතුර පානය සුදුසුයි.

  • කුම්භ ලග්නය – දරු සම්පත් උදා වේ

කුම්භ ලග්නයට අනුව වාසනාවන්ත දරු සම්පත් උදාවන දිනකි. වෙළෙඳ ව්‍යාපාරයක් නිසා කාර්යබහුල වේ. ගෘහ ජීවිතය විවිධ ගැටලු මතු කෙරෙනු ඇත. වියදම් පැත්ත ද ඉහළ යයි. බොහෝ අය ඔබට දක්වන නොමසුරු සහය නිසා සාර්ථක ජීවිතයකට අඩිතාලම වැටෙනු ඇත. මංගල උත්සවයකට සහභාගි වීමට සිදුවේ. කාර්මික අංශවල නිරතව සිටින අයට සුබවාදී වෙයි.

  • මීන ලග්නය – මහ පොළොවෙන් උරුමකම්

මීන ලග්නයට අනුව වාහන ලාබ, ඉඩම්, නිවාස ලාභ පෙන්වයි. මහපොළොවෙන් ලැබෙන උරුමකම් පවතී. මැණික් ගැරීම ආදී කටයුතුවලින් උසස් ආදායම් ලැබේ. තම සුඛවිහරණය උදෙසා ගන්නා තීන්දු, තීරණ නිසා සිතට ගැටලු මතු කෙරේ. තම ව්‍යාපාරක හෝ රැකියාමය ගැටලු මතු කෙරේ. පපුවේ සෙම ගතිය ඇතිවේ. සීතල ආහාර අනුභවය රාත්‍රී කාලයේ ස්නානය අගුණ වනු ඇත.

Related posts

Leave a Comment