චීන එන්නත ලබාගත් අයට මෙතෙක් අතුරු ආබාධ නැහැ

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාදුන් කිසිවෙකුටත් මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් හටගෙන තිබෙන බවට වාර්තා වී නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර තිබේ.

පුද්ගලයින් 71,203කට සයිනොෆාම් එන්නත ලබා දී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
.
එසේම එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (11) දිනයේ පුද්ගලයින් 65,803 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

මේ අතර සයිනොෆාම් එන්නත පුද්ගලයින් 50,493 දෙනෙකුට ලබාදී ඇති අතර ස්පුට්නික් V එන්නත පුද්ගලයින් 5,460 දෙනෙකුට ඊයේ දිනයේ ලබා දී ඇත.

තවද කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රා ද ඊයේ පුද්ගලයින් 9,850 දෙනෙකුට ලබා දුන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට පුද්ගලයින් 1,007,783 දෙනෙකුට කොවිඩ් මර්දනය සඳහා වන පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.

එමෙන්ම චීන ජාතිකයින් 2,435 දෙනෙකුට සහ මෙරට පුද්ගලයින් 221,368 දෙනෙකුට මේ වන විට කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Related posts

Leave a Comment