බැසිල් හදිසියේම අමෙරිකා ගියේ ඇයි?

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වී ඇත.

අද උදැසන ඒ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමට හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බවදැනගන්නට තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ දීත් පසුගිය අප්‍රේල් මාසයේදීත් බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ගමන සැලසුම් කර තිබුණද රට තුල ඇතිවූ තත්ත්වයන් මත එම ගමන මෙතෙක් ප්‍රමාද වූ බව වාර්තා වේ.

අද දිනයේ විදේශගත වූ බැසිල් රාජපක්‍ෂ මහතා මසකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිට අදාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද දැනගන්නට ඇත.

Related posts

Leave a Comment