“තහනම කිසිසේත් ඉවත් කරන්නේ නෑ” – ඉස්ලාම් සංවිධාන තහනම ඉවත් කරන ඉල්ලීමට රජයෙන් සෘජු ප්‍රතිචාර!

ඉස්ලාමීය සංවිධාන 11 ක තහනම ඉවත්කරන ලෙස මුස්ලිම් මන්ත‍්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන් මහතාගේ මක්කලි කොංග‍්‍රසයේ පිරිසකි. නීතිපතිවරයාගේ නිර්දේශය මත රජය මෙම අන්තවාදී සංවිධාන තහනම් කර තිබුණි. අන්තවාදීන් 1000 කට අධික පිරිසක් මෙරට සිටින බවට බුද්ධි අංශ වාර්තා කර ඇති නිසා එකී සංවිධානවල තහනම කිසිසේත් ඉවත් නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර බුර්කා තහනම ඉවත්කරන ලෙස ඉස්ලාමීය සහයෝගිතා කවුන්සිලය කළ ඉල්ලීමද රජය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

Related posts

Leave a Comment