උපරිම 15 දෙනෙක් එක්ක විවාහයක් ලියාපදිංචියට අවසර

විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා ළඟම ඥාතීන්, රෙජිස්ට්‍රාර්වරයා හා සාක්ෂිකරුවන්ගෙන් සමන්විත 15 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමකට පමණක් අවසර ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එහෙත් විවාහ මංගලෝත්සව පැවැත්වීම සපුරා තහනම් බව ද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නව රෙගුලාසි ඇනුව මෙම නිගමනවලට එළඹ ඇති බව ද ඔහු සඳහන්  කළේය.

එසේම අවමංගල්‍ය උත්සවයක් සඳහා පුද්ගලයන් 15 දෙනකු පමණක් සහභාගී කරවා ගත හැකි අතර එය පැය 24ක් ඇතුළත අවසන් කළ යුතු බවත්  කෝවිඩ් මරණ හැර අනෙක් මරණ සඳහා වලංගුවන බවත් ඔහු කියයි.

Related posts

Leave a Comment