අද දවස පුරා විටින් විට වැසි

දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල අද (13) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදෙශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකිබව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, මධ්‍යම, සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි වැසි ඇති වන බවද එම ප්‍රකාශකයා කීවේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

Related posts

Leave a Comment