‘ගම සමඟ පිළිසඳර’ රංගනයක් – ජනාධිපති ගම් වටේ ගිහින් විශාල අවුල් නිර්මාණය කරනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විරුද්දවාදීන්ගෙන් පලි ගැනීමට කොමිසම් පත් කිරිම තුළින් පෙනෙන්නේ ඒකාධිපති වරයකු වීමට දරන උත්සාහය බවත් මේ ක්‍රියාවලිය රටට අහිතකර නිසා එයට එරෙහිව කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එමෙන්ම ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වන බව ඒ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සිටිය යුත්තේ ගමේ ප්‍රශ්න විසඳීමට නොව රටේ ප්‍රශ්න විසඳීමට බවත් රටේ ප්‍රශ්න පැත්තක දමා ගමින් ගමට ගොස් විශාල අවුල් නිර්මානය කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම ‘ගම සමඟ පිළිසඳර’ නමින් විහිළුවක් රග දක්වමින් සිටින බවද ඔහු කීය.

ඔහු මෙසේ සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මධ්‍ය හමුවක් අමතමිනි

Related posts

Leave a Comment