ජාතක වෙසක් උත්සව සමරු මුද්දර ත‍්‍රිත්වය අගමැතිට පිළිගන්වයි

ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ති‍්‍රත්වය, මුල් දින කවරය සහ සිහිවටන පති‍්‍රකාව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ  (12 දා) අරලියග මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී.

මෙවර ජාතික වෙසක් උත්සවය උතුරු පළාතේ පිහිටි ඓතිහාසික නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබුණත් පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් එය අවලංගු කෙරිණි.

මෙවර ජාතික වෙසක් උත්සවයේ සමරු මුද්දර සඳහා ඓතිහාසික වටිනාකමකින් යුතු උතුරු හා නැෙ`ගනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථානවල චිත‍්‍ර යොදාගෙන තිබේ.

වවුනියාව, සපුමල්ගස්කඩ විහාරය, යාපනය, කදුරුගොඩ විහාරය සහ වවුනියාව මඩුකන්ද දළදා විහාරය කේන්ද්‍ර කර ගනිමින් මුද්දර නිර්මාණ ශිල්පි පාලිත ගුණසිංහ මහතා මෙම සමරු මුද්දර නිර්මාණය කර තිබේ.

රුපියල් දහය, රුපියල් පහළොව සහ රුපියල් හතළිස්පහ යන මුදල් වටිනාකමින් යුතු මුද්දර තුනක් මෙහිදී නිකුත් විය.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල්, අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බුද්ධශාසන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ චම්පිකා කනේරු, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Related posts

Leave a Comment