දඬුවම් කොමිසම්වලින් ජ.වි.පෙ. බියවැද්දිය හැකි යැයි සිහිතනවනම් ඒක බරපතළ වැරදීමක්

බලය වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කළ අය ඒ චෝදනා අපට එල්ල කිරීම හාස්‍යයට කරුණක් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

කොමිසම් පත්කර තිබෙන්නේ වංචනිකයන් දූෂිතයන් නිදහස් කර ගැනීමට බවත් දඬුවම් කොමිසම්වලින් ජ.වි.පෙ. බියවැද්දිය හැකි යැයි සිතන්නේ නම් එය බරපතළ වැරැදීමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

“ජනධිපතිවරයා පසුගිය 29 වැනිදා අලුතින් ගැසට් පත්‍රයක් නිකුත් කළා. එමඟින් අලුතින් ජනාධිපති කොමිසමක් පත් කළා. අපි දන්නවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් පසුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා දෙකක් පත් කළා. එකක් පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා. දැන් එය කිසිදු ප්‍රතිඵලයක් නොලබාම අවසන් වී තිබෙනවා. අනෙක දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවයි. ජනාධිපතිවරයාගේ පළිගැනීම් කොමිසමේ නිර්දේශයක් තිබෙනවා නඩු පැවැරීමට මැදිහත් වුණු අයට නඩු පවරන්න. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම නව ජනාධිපති කොමිසම පත්කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙක් මෙහි කොමසාරිස්වරුන් ලෙස පත්කොට තිබෙනවා. ඔවුන්ට පැවැරී තිබෙන්නේ කලින් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ තීරණ ගැනීමයි. මේ අලුත් කොමිසමේ විශේෂත්වයක් තියෙනවා. ඒක පරීක්ෂණ කොමිසමක් නොවෙයි. කලින් කොමිසම පරීක්ෂණ කොමිසමක්. මීට කලිනුත් ජනාධිපතිවරු පරීක්ෂණ කොමිසම් විශාල සංඛ්‍යාවක් පත්කර තිබෙනවා. ඒවායේ වාර්තාද ඉදිරිපත් කර තිබෙනවා. ඒවායේ බොහොමයක් වාර්තා ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඒක සම්ප්‍රදායක් වෙලා තිබුණා. මෙවැනි කොමිසමක් පත්කරන්නේ ඇයි? ජනාධිපතිවරයාට මෙම කොමිසම පත්කිරීමේ අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ඔහුගේ පවුලේ අයට සහ හිතවතුන්ට වංචා-දූෂණ රාජ්‍ය දේපළ අවභාවිතාව, මිනිස් ඝාතන සම්බන්ධයෙන් පැවැරී ඇති නඩුවලින් ඔවුන් නිදහස් කර ගැනීම.

Related posts

Leave a Comment