මේ අවස්ථාවේ වගකීම් සහගතව කටයුතු කළ යුතු බවත්, රට ගැන සිතා, ජනතාව ගැන සිතා පී.සී.ආර්. පරීක්ෂණ සහ එන්නත් සිදුකිරීමට ප්‍රමුඛතාවය ලබා දීම දැඩිව කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.
මෙවන් අභියෝගාත්මක මොහොතක සමහරු රට හැර යන බවත් එය ඛේදවාචකයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා හෙද සේවයේ දෙසිය ගණනකට කොවිඞ් ආසාදනය වී තිබියදීත් ඔවුන් කරනා සේවය අසාමාන්‍ය මෙන්ම උතුම් සේවයක් යැයි ද පැවසීය.
ඊයේ (12 දා) විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍යයට අදහස් දක්වමින් සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව සඳහන් කළේය.
තීරණාත්මක මොහොතේ වගකීමෙන් කටයුතු කළ යුතුයි – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස
