ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණි තවත් පිරිසක් සොයා ගැනේ

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණ යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසක රැදී සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 09 සහ 05ක පිරිමි දරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් ඊයේ(12) සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොවුන් පසුගිය 07 වනදා මෙරටට පැමිණ ඇති බව තොරතුරු හෙළි වී ඇත.

ඔවුන් රාමේෂ්වරම් සිට ධීවර බෝට්ටවකින් පිටත්වී මන්නාරමට පැමිණි බව ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ පවතින කොවිඩ් වසංගත තතත්තවය යටතේ ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ ආකාරයෙන් නීතිවිරෝධීව ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික පුද්ගලයින් මෙරටට පැමිණීම පිළිබද පැමිණිලි කිහිපයක්ම වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යාපනය පොලීසිය මේ පිළිබඳ විමර්ශන කරන අතර ඔවුන් පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

Related posts

Leave a Comment