“සයිනොෆාම්” එන්නත ගැන විස්තරයක්

චීනයේ ජාතික ඖෂධ නිෂ්පාදන සමූහය නිෂ්පාදනය කරන ලද සයිනොෆාම් එන්නත සති 4ක පරතරයකින් මාත්‍රා 2ක් ගත යුතුය. මේ එන්නතෙහි කාර්යක්ෂමතාව 86%කි. එන්නත ගැනීමෙන් පසු හිසරදය ඉතා බහුලව වාර්තා වේ. එන්නත දුන් ස්ථානය වේදනාකාරි විය හැකි අතර, රත් පැහැ වීම, ඉදිමීම, මෘදු පටක ඝන වීම, කැසීම සාමාන්‍ය අතුරු ආබාධ ලෙස වාර්තා වන අතර, රතු පැල්ලම් ඇති වීමද කලාතුරකින් වාර්තා වේ. උණ, තෙහෙට්ටුව, මාංසපේශි වේදනාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය, සන්ධි වේදනාව, පාචනය ද සම කැසීම බහුලව වාර්තා වේ. වේව්ලීම, රස නොදැනීම, සමේ වන වේදනා රහිත හිරි වැටීම (කූඹි දුවනවාක් මෙන් දැනීම), වෙව්ලීම, මානසික වෙනස්කම්, ලේ වමනය, ඇදුම, උගුරේ අපහසුතා, සෙම්ගෙඩි, ශරීරයේ අපහසුතාව, බෙල්ලේ වේදනාව, හනු වේදනාව, බෙල්ලේ ගැටිති ඇති වීම, කටේ තුවාල, දත් වේදනාව, ගලනාලයේ අපහසුතා, ගැස්ට්‍රයිටිස්, අසූචි වර්ණය වෙනස් වීම, ඇස් වේදනාව, පෙනීම බොඳවීම, ඇස්වල අපහසුතා, කන වේදනාව, ආතතිය, අධි රුධිර පීඩනය, අඩු රුධිර පීඩනය, මුත්‍රා ඉබේ පහ වීම, ඔසප්වීම ප්‍රමාදවීම ආදිය පිළිබඳ ද ඉතා දුර්ලභ වශයෙන් වාර්තා වේ.

Related posts

Leave a Comment