ඉන්දියාවේ කොරෝනා බලපෑම ග්‍රාමීය ප්‍රදේශවලටත්

ඉන්දියාවේ කොරෝනා වංසගතයේ බලපෑම මේවන විට නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වෙමින් පවතී. යළිත් වරක් එරට දෛනික මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාවද හාරලක්‍ෂයකට ආසන්නව පැවතුණි. ග්‍රාමීය රෝහල් පද්ධති බෙහෙවින් දුර්වල වී ඇති බැවින් මේවන විට බරපතල සෞඛ්‍ය ගැටලුවක් එම ප්‍රදේශවල හටගෙන ඇතැයි වාර්තා වේ.  දැඩි ඔක්සිජන් හිඟය හේතුවෙන් ඉන්දියාවේ තවමත් රෝගීන් මිය යමින් පවතී.  ලොවපුරා කොරෝනා මරණවලින් සියයට 30කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන්නේ ද ඉන්දියාවෙනි. 

Related posts

Leave a Comment