නිරෝධායන නීති කඩකල 282 ක් අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන නීති කඩකල 282 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 9029ක්. නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ උතුර ප්‍රදේශයෙන් වන අතර ඒ හැරුණ විට කුලියාපිටිය මාතලේ හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලිනුත් නිරෝධායන නීති උල්ලංඝනය කළ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කලේ ඊයේ දිනය තුළ හැඳුනුම්පතේ අංක ක්‍රමවේදය අනුගමනය නොකළ තවත් 1506 දෙනකු දැඩි අවවාද කළ බවයි.

Related posts

Leave a Comment