“සංචරණ සීමා පැනවීම වර්ගවාදී ක්‍රියාවක්” සජිත්ගේ ගෝලයෝ රට වැසීමට එරෙහිව හඬ නගයි!

විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම රජයට බල කරමින් කියා සිටියේ රට සම්පුර්ණයෙන් වසා දමා කොරෝනා පාලනය කරන ලෙසයි, පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටත විවිධ මාධ්‍ය හමු පවත්වමිනුත් සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද කියා සිටියේ සංචරණ සීමා පනවමින් වසංගතය පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි. 

මේ අනුව රජය සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත පළාත් අතර සංචරණ සීමා පනවමින් හා දීර්ඝ සති අන්තයක් වන මැයි 14 15 16 සම්පුර්ණයෙන් සංචරණය තහනම් කරලා ලද්දේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අභිප්‍රයෙනි.

කෙසේ නමුත් යලි කරලියට පැමිණි සජිත් ප්‍රේමදාස මහතාගේ ගෝලයින් යලි කෑ මොර දීමට පටන්ගෙන ඇත්තේ රට වසා දැමීම සම්පුර්ණ වැරදි බවත් එය මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන රජය ක්‍රියාත්මක කරන වර්ගවාදී ක්‍රියාවක් බවයි. ඊයේ හමුවක් පවත්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ සිංහල අවුරුද්දට රජය සංචරණ සීමා නොපනවා රාමසාන් උත්සවය සඳහා සීමා පනවන්නට කටයුතු කරන බවයි.

රටේ වසංගත තත්වය පාලනය පිණිස සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට හඬ නගමින් මාධ්‍ය හමු තබමින් ජනතාව කුලප්පු කරන මෙම බන්කොලොත් දේශපාලකයින් එසේ රජය සංචරණ සීමා පනවමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරනා විට යලි හඬනගන්නේ එම සීමා පැනවීම අසාධාරණ බවටයි මේ අනුව මනාව පැහැදිලි වන්නේ විපක්ෂ කණ්ඩායම්වල ප්‍රතිපත්ති විරහිත බංකොලොත් දේශපාලනය නොවේද?

මෙසේ කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව ජනතාව නොමග යැවීමම ප්‍රතිපත්තිය කරගත් මොවුන් බලයේ සිටියානම් කොරෝනා පාලනය කෙසේ නම් කරනු ඇතිද යන්න බුද්ධිමත් ජනතාව තේරුම්ගෙන හමාරය. 

Related posts

Leave a Comment