ගුවන් හමුදාව හැදූ ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනපතිට භාර දෙයි

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාර දුන්නේය
 
 කොවිඞ් 19 වසංගතය හමුවේ ජනපතිවරයාගේ උපදෙස් පරිදි නිවෝත්පාදන ක්‍ෂේත‍්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විසාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛස තිලංක රත්නපාල මහතා ඇතුළු ප‍්‍රවීණ වෛස කණ්ඩායමකගේ දායකත්වයෙන් උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේග පූර්ණ ආර්ධතාව සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ
 
 ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා අණ දෙන නිලධාරි ගෲප් කපිතාන් ප‍්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බළකායේ ගුවන් යානා නඩත්තු ඒකකය නිෂ්පාදන කටයුතු සිදු කළේයග සීමාවන්ල ආරක්‍ෂිත අංග සහ කාර්ය සාධක ප‍්‍රමිතීන් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙය ශ‍්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර විදුලි ආරක්‍ෂණ ප‍්‍රමිති අනුකූලතාව මොරටුව විශ්වවිසාලය විසින් සනාථ කර තිබේ
 
 උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්‍ෂ 15 ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්‍ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි. දැනට උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කෙරේ උපකරණයේ ක‍්‍රියාකාරිත්වය ජනාධිපතිවරයා වෙත හඳුන්වාදීම මෙහිදී සිදු කෙරිණි සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චිල ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නග සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහල ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

Related posts

Leave a Comment