ඉන්දියාවෙන් පනින අය අල්ලන්න වෙරළාරක්‍ෂකයෝ සහ නාවිකයෝ එක්වෙති

උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වන ඉන්දීය ධීවරයන් පරීක්ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීම යන කටයුතුවලදී වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් ලැබෙන සහාය වැඩිකර ගැනීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගෙන තිබේ.

නාවික හමුදාවේ නිලධාරීන් මේ ක‍්‍රියාවේදී ඉතා විශිෂ්ට සේවාවක් ඉටු කරන බව පැවසූ අමාත්‍යවරයා මේ දිනවල ඉන්දියාවේ සිට පැමිණෙන ධීවරයන් හා ඔවුන්ගේ යාත‍්‍රාද මිනිස් ජාවාරමේ යෙදී සිටින්නන්ද වැඩි වී ඇති නිසා නාවික හමුදාවේ සහායට අමතර වෙරළාරක්ෂක නිලධාරීන්ද සේවයේ යොදවා ඇත.

ධීවර අමාත්‍යවරයා විසින් උතුරේ ධීවරයන්ට හා ධීවර සංගම් නියෝජිතයන්ට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතීම සඳහා දුරකතන අංක කීපයක් ලබා දී ඇති අතර ඉන්දීය ධීවරයන් උතුරු මුහුදට පැමිණෙන අවස්ථාවලදී හා ඔවුන්ගේ නීති විරෝධී ක‍්‍රියාවලදී නාවික හමුදාවට මෙන්ම එම නිලධාරීන්ටද තොරතුරු දැනුම් දෙන ලෙස ප‍්‍රකාශ කොට තිබේ.

නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදු කරනු ලබන මෙහෙයුම් වැඩි කිරීම නිසා ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු වී ඇති බව පවසන ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ධීවර කටයුතුවලට අමතරව සිදු කෙරෙන මිනිස් ජාවාරම් හා නීති විරෝධී ජාවාරම්වල විශාල වැඩි වීමක් ගත වූ කාලයේ දක්නට ලැබුණු බවද සඳහන් කරයි.

Related posts

Leave a Comment