ජනතාව සංචරණ සීමා උල්ලංඝනය කරන හැටි PHI සංගමය හෙළිකරයි

පවතින ආපදා තත්ත්වය හමුවේ ජල ගැලීම් තත්ත්වයන් නිරීක්ෂණයට සහ නිවෙස්වල එකතුවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ වනවිට පනවා ඇති සංචරණ සීමාවල සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ජනතාවගෙන් ලැබෙන සහයෝගය මත බවය.

“සංචරණ සීමා පනවා තිබෙන මේ මොහොතේදීත් අපිට වාර්තා වෙනවා ප්‍රධාන මාර්ග භාවිත නොකර අතුරු මාර්ග ඔස්සේ නිවෙස්වලට එකතුවීම් පිළිබඳව. ගංවතුර තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට යෑම් පිළිබඳව. මේ සංචරණ සීමා පැනවීමත් සමග ඉදිරි මාසයේදී අපිට අවම කරගැනීමට තිබෙන ආසාදිතයින් වාර්තාවීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ජනතාවගේ සහයෝගය මතයි.”

මේ අතර බස්නාහිර පළාත තුළ අද දිනයේදී විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ ප්‍රධාන මාර්ග පමණක් නොව අතුරු මාර්ග සහ වතු ආශ්‍රිත තත්ත්වයන් ද පොලීසිය විසින් නිරීක්ෂණය කරමින් කටයුතු කරන බවය.

Related posts

Leave a Comment