නීති කඩන අය අල්ලන්න පොලිසියේ 20000 ක්‌…. ඉදිරියේදී ආසාදිතයන් තව වැඩිවිය හැකියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

අද (14දා) සිට ලබන සදුදා (17 වැනිදා) අලූයම 4.00 දක්වා දැඩි ලෙස සංචරණ සීමාවන් කි‍්‍රයාත්මක කෙරෙන කාලසීමාවේදී රට පුරා ඖෂධ වෙළෙඳසල් හැර අනෙකුත් කඩ සාප්පු, අවන්හල්, ආපනශාලා, සුපිරි වෙළෙ`දසල් ආදී සියලූ ස්ථාන වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම කටයුතු සොයා බැලීම සඳහා විසි දහසකින් යුතු (20,000) පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරි සඳහා යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා කීවේය.

එසේම හැදුනුම්පත් භාවිත කර නිවෙස්වලින් බැහැරට පැමිණීමේ ක‍්‍රමය මෙම තෙදිනක කාල සීමාවේදී කිසිසේත්ම වලංගු නොවන බව ද හෙතෙම සදහන් කළේය.

එම තෙදිනක කාලයේ දී මහජනතාවට නිවාසවලින් පිටතට ඒමේ හැකියාවක් නොමැති බවද කී අජිත් රෝහණ මහතා වෛද්‍ය, ජලය, විදුලිය, මාධ්‍ය, ගුවන්තොටුපළ, වරාය, සෞඛ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය සහ ඖෂධ ප‍්‍රවාහනය ආදී අත්‍යවශ්‍ය සේවාවන්වල යෙදෙන අයට රාජකාරි හැදුනුම්පත පෙන්වා ගමන් කළ හැකි බව ද කීය.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට යන පුද්ගලයන්ට සහ එන්නත්කරණ වැඩසටහන්වලට යන අයට එම ස්ථාන වෙත ගමන් කිරීමට බාධාවක් නොවන අතර ඖෂධ මිලදී ගැනීමට යන පුද්ගලයන්ට තම නිවසට ආසන්නම ෆාමසියට ගොස් ඖෂධ ලබාගැනීමට හැකියාව ඇත.

ලබන සදුදා දක්වා කි‍්‍රයාත්මක කරනු ලබන මෙම සංචරණ සීමා පැනවීම පසුගිය කාලයේ කි‍්‍රයාත්මක කෙරුණු නිරෝධායන ඇදිරි නීතිය හා සමාන වැඩපිළිවෙළක් බවද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී පෑලියගොඩ මැනිං වෙළෙද පොළ, මත්ස්‍ය වෙළෙද පොළ සහ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට හැකියාව ලැබුණද ඒවායෙහි කටයුතු තොග වෙළෙදාමට පමණක් සීමා කර ඇත.

ඒවා වෙත ගොස් තොග වශයෙන් භාණ්ඩ මිලදී ගන්නා පුද්ගලයන්ට ඒවා තම ගබඩාවලට ගෙන ඒමෙන් පසුව ‘ඩිලිවරි’ ක‍්‍රමයට ජනතාවට බෙදා හැරීමට අවස්ථාව ලබා දී ඇත.

එසේම තොග වෙළෙද සල් සහ සුපිරි වෙළෙද සල් සහ ආහාර වෙළෙද සල්වලට තම ආයතන විවෘත කිරීමකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව තිබෙන අතර ඔවුන්ද එහිදී වෙළදාම් කටයුතු ඩිලිවරි ක‍්‍රමයට කි‍්‍රයාත්මක කළ යුතුව ඇත.

එහිදී ඇනවුම් භාරගෙන අදාළ පුද්ගලයන්ට භාණ්ඩ බෙදා හැරීම මිස කිසිසේත්ම පාරිභෝගිකයන් වෙළෙද ආයතන වෙත ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර පවතින කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව රජය මගින් සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව නිරෝධායන නීති කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දියත් කළ මෙහෙයුම්වලදී පෙරේදා (12 වැනිදා) දිනයේ දී ද පුද්ගලයන් 448 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කීරිමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති පිරිස 8747ක් වන අතර පෙරේදා දිනයේ බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුම්වලදී නිරෝධායන නීති කඩ කළ 1597දෙනකු අවවාද කර මුදා හැරිය බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

ව්‍යායාම කරන ස්ථාන, ගෘහස්ථ කී‍්‍රඩාංගණ සහ මත්පැන් අලෙවි කරන ස්ථාන ඉලක්ක කර මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇති අතර එහිදී දැඩි ලෙස නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 25දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර දැනට පවතින පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථානවලදී වෙනත් පළාත්වල සිට බස්නාහිරට පැමිණීමට උත්සාහ කළ රථවාහන 1921ක් ද පෙරේදා දිනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඒවායෙහි සිටි පුද්ගලයන් 3846 දෙනකුට දැඩි ලෙස අවවාද කිරීමෙන් ආපසු හරවා යැවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පොලිසිය සදහන් කරන්නේ මෙසේ සංචරණ සහ නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව නඩු පැවරීමේදී වසර හයකට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දසදහසක දඩයක් හෝ එම ද`ඩුවම් දෙකම හිමිවිය හැකි බවය.

මේ අතර මෙතෙක් මෙරටේ කි‍්‍රයාත්මක කෙරුණු එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ඊයේ වන විට පුද්ගලයන් දසලක්‍ෂයක් ඉක්මවා එන්නත් ලබා දී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

ඒ අතරින් පුද්ගලයන් දෙලක්‍ෂ තිස්තුන්දහස් නවසිය අනූ දෙදෙනකුට (233,992) දෙනකුට එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී අවසන්ව ඇත.

මෙම වැඩපිළිවෙළ අනුව මෙරටට ලැබුණු රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත‍්‍රා සියල්ල ජනතාවට ලබාදීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ ඉදිරි දිනවලදී මෙරටින් කොරෝනා ආසාදිතයන් හමුවීම තවදුරටත් ඉහළ යා හැකි බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

මෙම වසංගත තත්ත්වය හමුවේ මේ වන විට මෙරටේ දිස්ති‍්‍රක් 14කට අයත් ග‍්‍රාම නිලධාරී වසම් සියයකට අධික සංඛ්‍යාවක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ සදහන් කර තිබිණි.

මෙරට කොරෝනා තෙවැනි රැල්ල හෙවත් ‘අලූත් අවුරුදු පොකුරේ ආරම්භයත් සමග පිළියන්දල ප‍්‍රදේශයේ ඇති වූ සෞඛ්‍ය උපදෙස් නොතකා එම ප‍්‍රදේශය හැරීමේ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු ඊයේ වන විට කැස්බෑව ප‍්‍රදේශයෙන් දිනකට කොරෝනා මරණ දෙකක් පමණ වාර්තා වන තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.

එම මරණ ප‍්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය ස`දහන් කළාය.

Related posts

Leave a Comment