පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් ගැන සමාජයට හෙළිදරව්වක් අවශ්‍යයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඔහු පවසන්නේ පසුගිය දශකය තුළ අපේ රට තුළ සිදුවූ විශාලතම ඛේදවාචකය පාස්කු ප්‍රහාරය බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය හේතුවෙන් මෙරට දේශපාලන දිශානතිය වෙනස් වීම සඳහාඑය ඉවහල් වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජය ‍ග්‍රහණය උදෙසා පාස්කු ප්‍රහාර සුවිශාල ලෙසින් ඉවහල් ඔහු බව හෙතෙම පවසයි.ඒ අනුය මෙම ප්‍රහාරය මත මෙරට ජාතික මැතිවරණ දෝළනය වූ බව ඔහු පෙන්වා දෙයි. ඒ හරහා ජනතාවේ ආකල්ප සහ ජනතා තීරණ සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය ප්‍රබල බලපෑමක් වූ බව ඔහු කියයි.

මෙම ප්‍රහාරය පිටුපස සිටින පිරිස් කව්දැය දැන ගැනීමට ජනතාව තුළ ප්‍රබල උවමනාවක් තිබුණු බවත් එයට සාධාරණයක් මෙම ජනාධිපති කොමිසම් වාර්තාව තුළ සිදුවී ඇතිද යන්නත් ඔහු ප්‍රශ්න කර සිටී.

එනම් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අවස්ථාවක් තිබිය දී එය එය මග හැර ඇතිද යන්න පිළිබඳව පරීක්ෂණයක් මෙහි ඇතුළත් නොවන බව හෙතෙම පවසයි. එමෙන්ම මෙම ප්‍රහාරකයන්ගේ අකමුල් දායකත්වය, දේශපාලනය පිළිබඳව සමාජයට හෙළිදරව්වක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

Leave a Comment