හැඳුනුම්පත් අංක නොතකා බැහැරට යන අය ගැන දැඩි අවධානයක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ ලබන සඳුදා (17 ) සිට මැයි මස 31 වැනිදා දක්වා සති 2කට ආසන්න කාල පරිච්ඡේදය තුළ හැඳුනුම්පතේ අංකවලට අදාළව පුද්ගලයන් බැහැරව යෑමේ ක්‍රමවේදය ඉතා තදින් ක්‍රියාත්මක කරන බවයි. ඒ හේතුවෙන් ඉදිරි දිනවල සිය දෛනික කටයුතු සැලසුම් කිරීමේදී ජනතාව ඒ පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි. හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලද, එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවල ද නිවෙසින් බැහැරව යා හැකිය. අවසාන අංකය බින්දුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකෙන අතර, රාජකාරි කටයුතු සහ සෞඛ්‍ය සේවා ගැනීම සඳහා මෙය අදාළ නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. හැඳුනුම්පතේ අංකවලට අදාළව එක් නිවෙසකින් එක් අයකුට පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා තමාගේ ළඟම පිහිටි වෙළෙඳසල වෙත පිවිසීමට අවස්ථාව පවතී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කලේ ඊට එරෙහිව කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

Related posts

Leave a Comment