කිලෝ 2000ක කොටි ස්මාරකයක් මුල්ලි වයික්කාල් ගෙනියන්න හදලා

කිලෝ 2000ක් බර කොටි සමරු ස්මාරකයක් හොර රහසේම මුල්ලිවයික්කාල් වෙත ගෙනවුත් ස්ථාපිත කිරීම සඳහා ක‍්‍රියාත්මක කළ සැලසුමක් ආරක්‍ෂක හමුදාව විසින් ව්‍යර්ථ කර ඇත.
 
 අඩි 6.5ක් උසැති මෙම කොන්ක‍්‍රීට් ස්මාරකය මුල්ලිවයික්කාල්හි ස්ථාපිත කිරීම සඳහා පොලිසියෙන් හෝ රජයෙන් අවසර ගෙන නැත. 12 වැනි කොටි සැමරුම සඳහා මෙම ස්මාරකය රහසිගතව නිර්මාණය කර තිබූ අතර කි‍්‍රස්තියානි පූජකවරු දෙදෙනකු ද එම ස්මාරකය ස්ථාපිත කිරීමේ ස්ථානය වෙත පැමිණ සිටි බව හෙළි වී තිබේ. මේ අතර මුල්ලිවයික්කාල් හි දී මියගිය අය සැමරීමට ඉඩදෙන ලෙස ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

Related posts

Leave a Comment