පාස්කු කොමිසමේ අවසන් නිර්දේශ තුළ ඥානසාර හිමිටත් අපරාධ චෝදනා

පාස්කු කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශයන් තුළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කර ඇති බවට වෙබ් මාධ්‍යක් වර්තා කරයි.

අළුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වූ අපරාධවලට ඥානසාර හිමිගේ සෘජු මැදිහත්වීමක් සිදුව ඇති බවට පාස්කු කොමිසමේදී අනාවරණය වී ඇති බවට වාර්තා වෙයි.

වාර්ගික ගැටුම් නිර්මාණය කිරීමට සහ රටතුළ‍ නොසන්සුන්තාවයක් ඇති කිරීමට කටයුතු කළ සංවිධාන සහ පුද්ගලයන් හඳුනා ගැනීමට කොමිසමට බලය ලබා දී තිබූ අතර ඒ යටතේ මෙම නිර්දේශය ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදාල පුවත්පත සිදුකළ විමසීමකදී ඥානසාර හිමි පවසා තිබෙන්නේ පාස්කු කොමිසම එවැනි නිර්දේශයක් ලබා දී තිබෙන්නේද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි. කෙසේ නමුත් එවැනි නිර්දේයක් ලබා දී ඇත්නම් ඊට සිනාසීම හැර වෙනත් කළහැකි කිසිවක් නොමැති බවයි ඥානසාර හිමි පවසා තිබෙන්නේ.

Related posts

Leave a Comment