RMV එක සඳුදා ඇරෙයි!

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සඳුදා (17) විවෘත කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

බස්නාහිර පළාත තුළ පදිංචි කරුවන් පමණක් අත්‍යවශ්‍යම සේවා සඳහා පමණක් පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල මඟින් රියැදුරු බලපත්‍ර වලට අදාළව පවත්වන ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ තවදුරටත් නොපවත්වන බවත් අලහකෝන් මහතා කියයි.

දිස්ත්‍රික් කාර්යාල මගින් සිදු කරනු ලබන සෙසු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් පරිදි සීමා කිරීමට යටත්ව සිදුකරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම අප්‍රේල් පළවෙනිදා සිට සැප්තැම්බර් 30 දා දක්වා කාලය තුළ අවලංගු වන රියදුරු බලපත්‍ර සදහා මාස 6 ක සහන කාලයක් ලබා දී ඇති බවත් හෙතෙම පැවසීය.

තවද 2020 මාර්තු 16 සිට 2021 ජුනි 30 දක්වා කල් ඉකුත් වන සියලුම රියදුරු පුහුණු අවසර පත්‍ර වල වලංගු කාල සීමාව එදා 2021 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරන බවද සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Leave a Comment