ප්‍රධාන පුහුණුකරු නොමැතිව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එරෙහි තරගාවලියට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

විවේක ගැනීමේ අරමුණෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ උප පුහුණුකරුවන් ලෙස කටයුතු කරන පෝල් කොලිංවුඩ් සහ ග්‍රෑන් තෝප් අදාළ තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ඇත.

එළඹෙන ජුනි මාසයේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතය.

මේ අතර එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට ද ඔහු එලෙස සහභාගී නොවීමට තීරණය කර තිබේ.

ජූලි මාසයේදී එංගලන්තය සහ පාකිස්තානය අතර තරගාවලිය පැවැත්වීමට නියමිතය.

Related posts

Leave a Comment