කොරෝනා රතු ලැයිස්තුවට ශී‍්‍ර ලංකාවත් යන ලකුණු-කළු දිලීරයට ආණ්ඩුව කෙසේ මුහුණ දෙයි දැයි කියන්න බෑ

කොරෝනා වසංගතයේ උග‍්‍රතම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස ශ‍්‍රී ලංකාව ඉදිරි සතිය වන විට රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.
 
 මේ තත්ත්වය හේතු කරගෙන මෙරට සිටින මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන්, ශ‍්‍රී ලාංකික ධනවත් ව්‍යාපාරිකයන් මෙන්ම ද්විත්ව පුරවැසියන් ද රටින් පිටව යාමට පටන්ගෙන ඇතැයි ගුවන්තොටුපළ ආගමන විගමන පරිගණක දත්ත පෙන්වා දෙන බව ද රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 දැනට ලංකාවේ උග‍්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අමතරව කළු දිලීර වසංගතයක් ද ඉන්දියාව හරහා මෙරටට පැමිණීමේ අවදානමක් උද්ගත වී පවතින බව ද රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 රට පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගතයට විසඳුමක් දීමට නොහැකිව සිටින රාජපක්ෂ ආණ්ඩුවට මෙම කළු දිලීර වසංගතයට කෙසේ මුහුණදේවි දැයි සිතා ගන්නට බැරි බව ද සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.

Related posts

Leave a Comment