ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිගෙන් දැඩි තීරණයක්

මින් ඉදිරියට තරග සංචාර සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශාරීරික යෝග්‍යතාව දැඩිව සලකාබලන බවත් කණ්ඩායම තුළ එකමුතුකම පවත්වා ගැනීම ගැන අවධානය යොමුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි.‍

අද දෙරණ 24 නාලිකාවේ විකාශය වන ‘STRAIGHT DRIVE’ වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“ඇත්තටම මම කිසිම කණ්ඩායමක ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා නොකර තෝරාගෙන නෑ. හැම ක්‍රීඩකයෙකුම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කරලා තියෙනවා. පහුගිය කාලේ දකින්න ඇති අබාධ සහිත ක්‍රීඩකයෝ සංචාරවලට එකතු වුණා. අර මැච් එකේදි ෆිට් වෙයි. මේ මැච් එකේදි ෆිට් වෙයි කියලා. මම ඒක නවත්වලා තියෙන්නේ. මට ඒක කරන්න බැරිනම් මම අයින් වෙලා යනවා. කුසල් ගත්තේ 2023ට කණ්ඩායමක් හදන්න. මම බලාගෙන ඉන්නේ. කණ්ඩායමේ කල්ලි හදන්න බෑ. ජනතාවගෙන් එක දෙයක් ඉල්ලන්න ඕනේ. ඉක්මන් ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න එපා. ඉදිරියට හොඳ කණ්ඩායමක් හැදෙයි.”

Related posts

Leave a Comment