ජවිපේ අතීතය මතක් කරන්න ගිය කබ්රාල්ට අනුර කුමාර නංගීගේ වැඩ මතක් කර දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට ගොස් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අතර උණුසුම් වාදයක් පාර්ලිමේන්තුවේදී ඇති විය.

ඒ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට ගොස් 1980 දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතාගේ නැගණිය සම්බන්ධයෙන් ද ප්‍රකාශයක් සිදු කරනු ලැබිය.

මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මුලසුනේ සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර ද කතාබහක් ඇති වුයේ නිසි ලෙස මුලසුන හොබවන ලෙස අනුර කුමාර දිසනායක මහතා සිදු කළ ප්‍රකාශයත් සමඟය.

Related posts

Leave a Comment