පාස්කු ප්‍රහාර වාර්තාව අසම්පූර්ණදැයි මම CIDයෙන් ඇහුවා

මහජන ආරක්ෂක ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණවල වාර්තා අසම්පූර්ණ බවට නීතිපතිවරයා කළ දැනුම්දීම සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ බවයි. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත ඊයේ (16) අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කලා. ඇතැම් සාක්ෂි ප්‍රමාණවත් නොවන බවට නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව පෙන්වාදුන් ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙන බවද මීට මාස කිහිපයකට පෙර 32 දෙදෙනකු සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම සඳහා ලිපිගොනු 8ක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවද සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරතුරුවම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ කටයුතු කරන බවද මේ ලිපිගොනුවලට පරිභාහිරව ජනාධිපති කොමිසන් සභා වාර්තාව පැමිණෙන තෙක් බලා සිටින බවට නීතිපතිවරයා ප්‍රකාශ කළ බවද සිහිපත් කළේය. ජනාධිපති කොමිසමේ වාර්තාව පැමිණ මේ වනවිට මාස දෙකක් පමණ වන බව පෙන්වාදුන් ඇමැතිවරයා ඒ අනුව විත්තිකරුවන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද එසේ නොමැති නම් කවුරුන් ගැනද නීතිපවරයා ප්‍රකාශ කරන්නේ යන්න පිළිබඳ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ බවද පැවසීය. ඒ අනුව අදාළ වාර්තාව තමාට ඉතා ඉක්මණින් ලැබෙනු ඇතැයි කී ඒ මහතා ඉන් අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කළහැකි බවද කියා සිටියා.

Related posts

Leave a Comment