පක්ෂ විපක්ෂ දේශපාලකයින්ගෙන් ආදිවාසී නායකයා ඉල්ලීමක් කරයි

දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසති.

මොණරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායකයා සඳහන් කළේ, මේ අවස්ථාවේ සෑම කෙනෙකුටම යුතුකමක් ඇති බවය.

පක්ෂ, පාට, ජාති, ආගම්, දේශපාලන වාද භේද සෑම දෙයක්ම අමතක කර රට ගැන සිතා වැඩ කිරීම මේ මොහොතේ වඩාත් වැදගත් බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවලදී කොරෝනා මර්දනය සඳහා රජය විසින් ගෙන යන ඇතැම් වැඩපිළිවෙල දැඩි දෝෂ දර්ශනයට ලක්වුණි.

සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, “කොවිඩ් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය තිබුණට එතුමියට සල්ලි නෑ. ඉතින් සල්ලි ගන්න තමයි එතුමිය ධානපතින්ට ආරාධනා කළේ,” යනුවෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, “බරපතළ රෝග ලක්ෂණ නැත්නම් ගෙදර හිටපං කියන තත්ත්වෙට දැන් පත්වෙලා. ඒ ගෙදරට බෙහෙත් ලැබෙන ක්‍රමය මොකක්ද? කෑම බීමටික ලැබෙන ක්‍රමය මොකක්ද? ” යනුවෙනි.

Related posts

Leave a Comment