තත්වය බරපතලයි – රටම වහනවාද ? තීරණය අද

ප‍්‍රදේශ කිහිපයකින් මේ වන විට හඳුනාගෙන ඇති වැඩි වේගයකින් පැතිර යන බි‍්‍රතාන්‍යයෙන් ව්‍යාප්ත වූ නව කොරෝනා ප‍්‍රභේදය පාලනය සම්බන්ධව ගතයුතු සුදුසුම ක‍්‍රියාමාර්ග ගැන අද (15) පැවැත්වෙන කොවිඞ් පාලන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී තීරණය කරන බව එම කාර්ය සාධක බළකායේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වන විට මෙම නව ප‍්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් කිහිප දෙනකු කොළඹ, අවිස්සාවේල්ල, බියගම, මතුගම, වත්තල, වව්නියාව සහ බිංගිරිය යන ප‍්‍රදේශවලින් හඳුනාගෙන ඇත.

දැනට පවතින කොවිඞ් 19 වෛරසයට වඩා සියයට 50ක වැඩි වේගයෙන් මෙම නව ප‍්‍රභේදය පැතිර යන බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ වන විට දිනකට අලූතින් හමුවන කොවිඞ් ආසාදිතයන් ගණනද 900 ඉක්මවා ඇත. මෙවැනි හේතු මත නැවත වරක් මුළු රටම හුදෙකලා කරනු ඇතැයි ඇතැම් දෙනා විවිධ මත ප‍්‍රකාශ කිරීම සම්බන්ධව යුද හමුදාපතිවරයා පැවසූවේ රජය තවම එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ පවතින තත්ත්වය යටතේ රට අගුළු දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව බවයි.

Related posts

Leave a Comment