අ​ද දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වැඩ වර්ජනයක

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අ​ද (17) දිනයේ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. පළාත් අතර සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් අ​ද කාර්යාල දුම්රිය වාර කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර තිබූ අතර වැඩ වර්ජනය හේතුවෙන් අ​ද දිනයේ කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ මේ හේතුවෙන් විකල්ප ක්‍රම අනුගමනය කරන ලෙසත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු අතිරේක බස් රථ ද හෙට දිනයේ යොදවා ඇති බවයි.

Related posts

Leave a Comment