නිරෝධායන නීතින්ට අනුකූලව විජමු ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු කොටිකාවත්තේදී

මෙරට 16 වන කථානායකවරයා මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු ද වන විජමු ලොකුබණ්ඩාර මහතා ඊයේ (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගියේය.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතින්ට අනුකූලව අද (15) කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

මිය යන විට 80 වන වියේ පසුවූ ඔහු පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට මාරු කර යැවීය. 

1977 වසර්දී පළමු වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ලොකුබණ්ඩාර මහතා දේශීය වෛද්‍ය, සංස්කෘතික, අධිකරණ , බුද්ධ ශාසන ආදී අමාත්‍ය ධුර රැසක් හොබවා තිබේ. 

 

Related posts

Leave a Comment