ආණ්ඩුවේ අවිනීතියට අයුක්තියට එරෙහිව 18 වැනිදා හයිඩ් පිටියට එන්න !

ආණ්ඩුවේ ඇතැම් දෝෂදර්ශී ක්‍රියාකලාපයන්ට විරෝධය පළ කිරීම සඳහා ජවිපේ විසින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හා ආණ්ඩුවේ අවිනීතියට අයුක්තියට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා එළැඹෙන 18දා හයිඩ් පිටියට පැමිණෙන ලෙස ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා විවෘත ආරාධනාවක් කර සිටී.

ඔහු මේ බව පවසා තිබුණේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

Related posts

Leave a Comment