කොරෝනා අරමුදලට වුණේ කුමක්දැයි ජනතාවට ඇත්ත හෙළි කළ යුතුයි – සජිත් පේ‍්‍රමදාස

කොරෝනා අරමුදලට සිදු වුණේ කුමක්දැයි නිවැරදි තොරතුරු ජනතාවට හෙළි කළ යුතු බවත් එහි සඳහන් අන්දමට ගිලන් රථයකට රුපියල් ලක්‍ෂ 194 ක් වෙන් කරනු ලැබීම විමතියට කරුණකැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (16 දා) සඳහන් කළේය.
 
 අද වනවිට පිළිකා රෝගීන් ඇතුළු විවිධ රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිගයක් පවතින බවද මේ නිසා ජනතාව බලවත් පීඩාවකට පත්ව ඇතැයි ද පේ‍්‍රමදාස මහතා කීවේ ගාල්ල කරාපිටිය රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පිරිනැමීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

Leave a Comment