එළවළු කිලෝ දස ලක්‍ෂයක් හරවා යැවේ

මාර්ග බාධක පහකදී එළවළු තොග ආපසු හරවා යැවීමෙන් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළද මධ්‍යස්ථානයට සැපයූ එළවළු කිලෝ දශ ලක්‍ෂයක් පමණ අද (17දා) දිනයේදීද ගොවීන්ට ආපසු රැගෙන යාමට සිදුවූ බව වෙළද සංගමයේ සභාපති යූ.බී.ඒකනායක මහතා පැවැසීය.

මාතලේ බලකඩුව සහ වත්තේගම කැකිරාව මඩාටුගම  හබරණ  විල්ගමුව නිපෝන් පාලම අසල පොලිස් මාර්ග බාධකවලින් එළවළු ලොරි රථ ආපසු හරවා යවා තිබෙන බව සභාපතිවරයා කීය.

එළවළු තොග සැපයුම පහළ යාමත් සමඟ එළවළු කිලෝ දශ ලක්‍ෂයක් තොග මිළ සියයට සියයකින් ඉහළ ගිය බවද ඔහු පැවැසීය.

Related posts

Leave a Comment