ඊශ්‍රායල – පලස්තීන ගැටුම සමස්ත ලෝකයටම බලපෑම් කරනවා

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් සමස්ත ලෝකයටම බලපෑම් කරනු ඇති බවටයි. පලස්තීනුවන්ට ඉන් සෘජු බලපෑමක් ඇති ව තිබෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. දෙරටේ ගැටුම් පිළිබඳ තමා දැඩි අවධානයෙන් පසු වන බවත් එම ගැටුම් සම්බන්ධයෙන් තමා දැඩි කණස්සල්ලට පත් ව සිටින බවත් එහි දක්වා තිබේ. මේ ගැටලුම නිසා දෙපාර්ශ්වයම වේදනාවට පත්ව ඇති බවත් ජනතාවට විශාල හානියක් සිදු ව ඇති බවත් ඒ මහතා පවසයි. මෙම ගැටුම් මඟින් අසල්වැසි කලාපවලට ද ප්‍රතිවිපාක ඇති විය හැකි බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා, ඊශ්‍රායලයේ ජනතාවාගේ නීත්‍යානුකූල හා සංවේදී ආරක්ෂණ අවස්ථා හඳුනා ගැනීම අවශ්‍ය බවත් කියයි. එමෙන්ම පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද වැදගත් බව පවසන අගමැතිවරයා, මේ සියලු කාරණා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු බවත් ඒ නිසා සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙස දෙපාර්ශ්වයම උනන්දු විය යුතු බවත් පවසා සිටී.

Related posts

Leave a Comment