නිවැරැදි රෝග විනිශ්චය සහ එන්නත්කරණ මගින් කොරෝනාවෙන් මිදීය හැකී

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂ හෙන්රිටා ෆෝර් මහත්මිය පවසන්නේ කොවිඩ් වසංගතයෙන් මිදීමට තිබෙන එකම පැහැදිලි මාවත නිවැරැදි රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය බවයි.. එහෙත් දැනට පවතින ගැටලුව වන්නේ ඉන්දියාවේ මතුව ඇති දරුණු තත්ත්වය නිසා මෙම අවශ්‍ය කරන එන්නත් සපයා ගැනීමට නොහැකි වීම යැයි ද ඇය සඳහන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ මේ සතිය වන විට එන්නත් මාත්‍රා මිලියන 170ක් කොවැක් වැඩසටහන යටතේ සැපයිය යුතු වුවත් සැපයිය හැකිව ඇත්තේ මාත්‍රා මිලියන 65ක් පමණක් බවයි.

මැයි මාසය වන විට අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලට එන්නත් මාත්‍රා මිලියන 140ක් බෙදාදීමට අපේක්ෂා කළද ඉන්දියාවේ දරුණු තත්ත්වය නිසා ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වී තිබෙන බවද ඇය සඳහන් කරයි. මේ නිසා එළැඹෙන ජුලි මාසයේ දී එන්නත් මාත්‍රා මිලියන 50ක් සැපයීමට ද නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ද ඇය කියා ඇත. ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ජී 7 රාජ්‍ය නායක සමුළුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසු ඇය, මේ වන විට ලෝකයේ අනෙකුත් රටවල ඇති එන්නත් අතිරික්තය එම එන්නත් අවශ්‍ය කරන අනෙකුත් රටවල්වලට පරිත්‍යාග කිරීමට කාලය එළැඹ ඇතැයි ද කියා සිටියි. මේ වන විට එන්නත් මිලියන මාත්‍රා 153ක එන්නත් හිඟයක් පවතින බවද ඇය පෙන්වා දෙයි.

බිත්‍රාන්‍ය ජාතික කමිටුව විසින් ස්ථාපිත කරන ලද airfinity the life sciences පර්යේෂණ මධ්‍යස්ථානය කරන ලද අධ්‍යයනකදී හෙළිව ඇත්තේ ජී 7 රටවල් හා යුරෝපා සංගමයේ සාමාජික රටවල් තමන් සතු එන්නත් සංචිතයෙන් සියයට 20ක ප්‍රමාණයක් එන්නත් හිඟයක් පවතින රටවලට පරිත්‍යාග කරන්නේ නම් හිඟ මාත්‍රා 153 සපයා ගැනීම දුෂ්කර නොවනු ඇති බවයි. ඇය සඳහන් කරන්නේ මෙම සියයට 20ක් පරිත්‍යාග කිරීම මඟින් ඔවුන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙළට කිසිදු බාධාවක් නොවන බවයි.

Related posts

Leave a Comment