නවසීලන්ත ටෙස්ට් තරගමාලාවට ආචාර් නෑ

සසෙක්ස් ප්‍රාන්ත පිල නියෝජනය කරන 26 හැවිරිදි එංගලන්ත පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ පළමු වටයේ කෙන්ට් පිල සමඟ පසුගියදා පැවැති තරගය අතරතුරදී දකුණතේ වැළමිටේ ආබාධයකට ලක් විය. ආබාධයකට ලක්වීම නිසා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවෙන් ඔහු ඉවත් කර තිබේ. මීට පෙර ඉන්දීය සංචාරයේ පැවැති විස්සයි20 තරගයක් අතරතුර පළමුවරට ඔහු මේ ආබාධයට ගොදුරු වූ අතර, අයිපීඑල් තරගාවලියට ද සහභාගි වීමට නොහැකි විය. ආබාධ තත්ත්වය සුවවීමෙන් පසු එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්වූවත් යළි එම ආබාධය උත්සන්න වීම හේතුවෙන් ආචර්ට තවත් කාලයක් ජාතික පිල නියෝජනය කිරීමේ හැකියාව අහිමිවනු ඇත.

Related posts

Leave a Comment