සැමියාගේ යකඩ පොලු පහරින් බිරිය මරුට – අඹුසැමි අවුල දුරදිග යයි

මහරගම, පමුණුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවකගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇගේ 36 හැවිරිදි සැකකාර සැමියා රාත‍්‍රි අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මොහු ඝාතනයට යොදාගත් යකඩ පොල්ලද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මහරගම, පමුණුව, පල්ලිය අසල පදිංචිව සිටි අලූගොල්ල අප්පුහාමිලාගේ තමරා ධනුෂිකා ජයවීර (31) නමැති පමුණුව කඩකාමර කීපයක හිමිකාරීත්වය දරන ව්‍යාපාරික කාන්තාවක බව හෙළිවිණැයි පොලිසිය කියයි. මෙම අඹුසැමි යුවල අතර කාලයක සිට ආරවුල් සිදුවී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

මෙම කාන්තාව හා සිය සැමියා අතර පෙරේදා (16 වැනිදා) සවස 5.00 ට පමණ සිය දරුවන් නිදා සිටි අතරේ ආරවුලක් සිදුව ඇති අතර, එහිදී සැමියා බිරිඳගේ හිසට පොල්ලකින් පහර දී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

පසුව 1990 සුවසැරිය ගිලන් රථයකින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට රැුගෙන යෑමේදී මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඝාතනයට ලක්වූ දෙදරු මවගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර ජනකාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දසනායක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ මහරගම එස්. ඞී. අබේසිංහ

p3 2

Related posts

Leave a Comment