හෙට සහ 20වනදා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා ඇළ නගරසභා බලප්‍රදේශවලටත් කටුනායක, සීදූව නගරසභා බලප්‍රදේශයටත් ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ ප්‍රදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මීට අමතරව එළඹෙන බ්‍රහස්පතින්දා (20) පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

Related posts

Leave a Comment