කෝටියක මත්ද්‍රව්‍ය මෝදරින් අල්ලයි

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු අයිස්, හෙරොයින් සහ අශිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹු සැමි යුවළක් ඊයේ (17 දා) මෝදර බෝගහ හන්දිය ප‍්‍රදේශයේදී මෝදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මට්ටක්කුලියේ සිට වැල්ලම්පිටියට ත‍්‍රිරෝද රථයකින් මෙම මත්ද්‍රව්‍ය රැුගෙන යමින් තිබූ අතර මෝදර බෝගහ හන්දියේ පොලිස් මාර්ග බාධකයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් ග‍්‍රෑම් දෙසිය පනහක්, හෙරොයින් ග‍්‍රෑම් පන්සියයක්, සහ අශීස් කිලෝ ග‍්‍රෑමයක් මෙම ත‍්‍රිරෝද රථයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොගය වෙනත් පුද්ගලයෙකු විසින් තමන්ට ලබාදුන් බවත් එය වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී තවත් පුද්ගලයෙකුට භාරදීමට ගෙන ආ බවත් ඒ වෙනුවෙන් ඔවුනට රුපියල් දස දහසක් ලබාදීමට එක`ග වූ බවත් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ ඉහළ පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බවට පොලිසිය සැක කරයි. සැකකරුවන් ගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරන බව පොලිසිය සඳහන් කරයි.

මෝදර පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරේ.

Related posts

Leave a Comment