එල්.ටී.ටී.ඊ සැමරුමක් පැවැත්වූ 8ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

මඩකලපුව, කල්කුඩා පොලිස් වසමට අයත් කිරාන් මුහුදු වෙරළේ එල්.ටී.ටී.ඊ සැමරුමක් පැවැත්වූ පිරිසක් පොලීසිය විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 6ක් එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එරාවුර් සහ කල්කුඩා පොලීසියේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිසේ ප්‍රධානියා රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන 38 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.

එම පිරිස විසින් එල්.ටී.ටී.ඊ සැමරුම පැවැත්වීමෙන් අනතුරුව මුහුදට ගොස් මල් පූජාවක් ද සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

Related posts

Leave a Comment