කොරෝනා තිබුණත් ආණ්ඩුව පාර්ලිමේන්තුව කැඳවලා – පාඨලී චම්පික රණවක

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමිය යුතුව තිබුණ ද වෙනම නීති සැකසිය හැකි, වෙනම බදු අයකළ හැකි, විදේශිකයන්ට අයත් ඊළාම් රාජ්‍යයක් බිහිකර ගැනීමට අවශ්‍ය අණ පණත් සම්මත කරගැනීමට ආණ්ඩුව පාර්ලිමේන්තුව කැඳවා තිබෙන බවයි. ලෝක බලවතුන්ගේ ගැටුමට ශ්‍රී ලංකාව මැදිහත්වෙන ආකාරයට, විදේශීය ගුවන්යානා කටයුතුවලට, විදේශීය නාවුක කටයුතුවලට, විදේශීය ධන කුවේරයන්ගේ සල්ලි තැන්පත් කරන ස්ථානයක් බවට, විදේශිකයන්ට අයත් කොලණියක් ලෙස වරාය නගරය රට තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එලෙස වුවහොත් අනිවාර්යෙන්ම අනෙකුත් ලෝක බලවතුන් ඊට වඩාත් නරක ආකාරයට ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. චම්පික රණවක මහතා මේ අදහස් පළකර සිටියේ ඊයේ (18) යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් බොරැල්ල රණවිරු ස්මාරකය අසළ සංවිධානය කර තිබූ වැඩසටහනට එක්වෙමිනි.

Related posts

Leave a Comment