ආණ්ඩුව මුට්ටි ගඟේ දාලා, පැණි පස්සේ ගියා – මේ ජනාධිපතිත් රට පාලනයෙන් අසමත්

සෙසුු පාලකයන් මෙන්ම වර්තමාන ජනාධිපතිත් රට පාලනයෙන් අසමත් වී ඇති බව ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ ඉන්දියානු දේශපාලන පක්ෂයක් මෙරට ස්ථාපිත කිරිමට සැලසුම් කිරීම ප්‍රවෘත්තියක් පමණක් නොවන බවයි.

එමෙන්ම කොරෝනා පාලනයට පැණි හඳුන්වාදෙමින් මුට්ටි පා කරමින් ඉන්න ආණ්ඩුව එනනත් කිරීමටද කඩිනම් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව හෙතෙම සඳහන් කරයි..

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය…

ඉන්දියාවේ බී.ජේ.පී. පක්ෂය ලංකාවේ ශාඛාවක් හදන්න යනවා කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක වගකීමෙන් කියන්න පුළුවන් ප්‍රවෘත්තියක් නෙවෙයි. මේ රටේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන යටත් වුණ ප්‍රතිපත්ති නිසා වෙන රටවල්වල පක්ෂ නායකයෝ, ආණ්ඩු අපේ රටට බලපෑම් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉන්දියාව, චීනය වැනි රටවල්වලින් අපේ රටට විශාල බලපෑමක් තියෙනවා. අපේ රටේ ආණ්ඩු ණය මත යැපෙන්නේ ඒ නිසා මේ රටවල්වලට යට වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඉන්දියානු පක්ෂ නායකයෝ ලංකාවේ පක්ෂ කාර්යාල පිහිටුවන කතා වෙන තැනට වැටිලා තියෙන්නේ.

ආණ්ඩුව කොරෝනා මර්දනයට විවිධ දේවල් කළා. මුට්ටි ගඟේ දැම්මා, පැණි පස්සේ ගියා. අන්තිමට එන්නත් ගෙනැල්ල විදින්න පටන්ගෙන තියෙනවා. එන්නත ලබාදීමේදී සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛතාව දෙන්න ඕනි කියලා අපිත් හිතනවා. ආණ්ඩුව මේ නොමිලේ ලැබුණ එන්නත් ප්‍රමාණයට සීමා නොවී රටේ බොහෝ පිරිසකට එන්නත ගෙනැල්ලා විදී කියලා අපි හිතනවා.

ආණ්ඩුව ඉන්දියාවෙන්, චීනයෙන් නොමිලේ ලැබුණ එන්නත් විදිනවා මිස රටේ සියලු ජනතාවට මේක ලබා දෙන්න කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න පාටක් පෙන්න නෑ.ආණ්ඩුව අස්සේ විමල් විරවංශ කරන කතා අපි නම් ගනන් ගන්නේ නෑ. ආණ්ඩුවට විමල් නැතුව බෑ. විමල්ට ආණ්ඩුව නැතුව බෑ. ඔය රණ්ඩුව ජනතාවට වැඩක් නෑ. මොකද ඔය අය ආපහු ටික දවසකින් එකට වැඩ කරන්න පටන් ගන්නවා. ‍ෙදාගොල්ලෝ එකට හොරකම් කරන්න පටන් ගන්නවා, මහජන මුදල් නාස්ති කරනවා, ජනතාව මත බර පටවනවා. මේකට හොඳම උදාහරණය කිව්වේ අනුර කුමාර දිසානායක මහතා.

ආණ්ඩුවේ ගලි බවුසර් දෙකක් එකට හැපිලා තියෙන්නේ, වෙන්නේ දෙපැත්තම ගඳ ගහන එක පමණයි.මේ ආණ්ඩුව ජනතාවට විශාල බලාපොරොත්තු දීලා ඒවා ඉටු කරන්න අසමත් වෙලා තියෙනවා. නායකයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් වෙලා තියෙනවා.අවු 73ක් තිස්සේ මාරුවෙන් මාරුවට රට පාලනය කළ හැමෝම අසාර්ථකයි, ගෝඨාභය, මහින්ද, රනිල්, මෛත්‍රි ඊට කලින් හිටිය සියල්ලම අසාර්ථකයි..

Related posts

Leave a Comment