ග්‍රාම සේවා වසම් තුනක් අලුතෙන් හුදෙකලා කරයි

ඊයේ (18) අලුයම 6 සිට කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික් දෙකක ග්‍රාම සේවා වසම් තුනක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ දුන්ගලපිටිය කැපුන්ගොඩ ග්‍රාම සේවා වසමේ සෙබස්තියන් මාවතේ සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163 A, පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන) 162 සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස රොටේ ග්‍රාම සේවා වසම 184 මෙසේ හුදෙකලා කළ බව හෙතෙම කීවේය. මේ අතර දිස්ත්‍රික්ක හුදෙකලා කර තිබූ දිස්ත්‍රික් හතරක ග්‍රාම සේවා වසම් අටක් හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය. ගාල්ල දිස්ත්‍රික්කයේ වසම් 04ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම් 01ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වසම් 01 සහ අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 02 මේ අයුරින් නිදහස් කර තිබේ.

Related posts

Leave a Comment