ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියා නම් ව්‍යවස්ථාවට පටහැනි පනතක් සම්මත වෙනවා

මේ පනතේ වගන්ති 09 ක් ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙක් කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියානම් ආණ්ඩුව ව්‍යවස්ථාවට පටහැනි පනතක් සම්මත කර ගන්නවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
 
 ඊයේ ජ.වි.පෙ මූලස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡුාවකදී අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය.
 
 වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති 74 ක් තිබෙනවා. එයින් වගන්ති 25 ක්්, ඒ කියන්නේ පනතේ මුළු වගන්ති වලින් 1/3 ක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ලබාදී තිබෙනවා. ඒ වගන්ති 25 න් 16 ක් සම්මත කරගන්න නම් 2/3 විශේෂ බහුතර බලයකින් සම්මත කරගත යුතු බව තීන්දු කර තිබෙනවා.
 
 ඒ වගේම ඉතිරි වගන්ති 09 පාර්ලිමේන්තුවේ
 
 2/3 ක් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව තීන්දුකර තිබෙනවා. මෑතදී ඉදිරිපත් කළ පනතක් සම්බන්ධයෙන් මේ ආකාරයේ තීන්දුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.
 
 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ කිසිදු වගන්තියක් ගැන ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ නැහැ. නමුත් මේ පනතේ වගන්ති 09 කට ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව තීන්දු කර තිබෙනවා. එයින් කියවෙන්නේ මොකක්ද? ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපට සහ අනෙක් සියලූ දෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට යෑමට නොහැකි වුණා නම් මේ ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනතක් සම්මත කර ගන්නවා. එක් දිනක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ හැකියාව වළක්වා මෙය සම්මත කරගන්න ආණ්ඩුව සැලසුම් කළේ ඒ නිසයි. නමුත් මේ වනවිට මේ කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතියක් හැටියට සම්මත කරගැනීම සැලකිය යුතු තරමකින් පරාජය කර තිබෙනවා.
 
 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩි වශයෙන්ම දක්වා තිබෙන්නේ එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1* වගන්තියට පටහැනි බවයි. එයින් කියවෙන්නේ නීතිය පසිඳලීමේ කි‍්‍රයාවලියට, නීතියේ රැුකවරණයට සර්ව සාධාරණ අවස්ථාවක් ලබාදිය යුතු බවයි. නමුත් එයට පටහැනි නම් එයින් කියවෙන්නේ එක් පාර්ශ්වයකට විශේෂ අවස්ථාවක් නීතියෙන් ලබාදෙන බවයි. කොමිෂන් සභා කෙටුම්පතේ වගන්ති 09 ක් එසේ පටහැනි බව දක්වා තිබෙනවා. ඒ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3(4*, 76, 148 යන ව්‍යවස්ථාවන් සමඟ ගැටෙන බවක් සඳහන් වෙනවා. මේ වගන්තිවලින් කියවෙන්නේ ජනතාවගේ මූලික බලය වන පරමාධිපත්‍ය බලය ගැනයි. පරමාධිපත්‍ය බලය උල්ලංඝනය වීම් පිළිබඳව මේ තීන්දුවෙන් සඳහන් වෙනවා. ඒවගේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පවරාදීමද අභියෝගයට ලක්කර තිබෙනවා.
 
 විශේෂයෙන්ම පාර්ලිමේන්තුව සතුව තිබෙන නීති සම්පාදනය කිරීමේ බලය සහ මූල්‍ය බලය සම්බන්ධයෙන් මේ කෙටුම්පතින් අභියෝගයට ලක්වෙනවා. විශේෂයෙන්ම 48 වැනි වගන්තියෙන් පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන මූල්‍ය බලය අත්හරින්න මේ කෙටුම්පතින් අවස්ථාව ලබාගන්න උත්සාහ කළා. එය අත්හරින්න නම් ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙනවා.

Related posts

Leave a Comment